තරගාවලිය සම කරමින් දෙවැනි 20යි 20න් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

Date:

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ශ්‍රී ලංකාව අද(28) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 132ක් රැස් කළා.

ශිකර් ධවාන් ලකුණු 40ක්, දෙව්දත් පඩික්කල් ලකුණු 29ක් හා රුටුරාජ් ගයික්වඩ් ලකුණු 21ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් බිද හෙලූ අතර, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග හා දසුන් ශානක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 40ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර, මිනෝද් භානුක ලකුණු 36යි.

වනිදු හසරංග ලකුණු 15ක් හා චාමික කරුණාරත්න නොදැවී ලකුණු 12ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදෙව් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ධනංජය ද සිල්වා.

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යා කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීම හේතුවෙන් මෙම තරගයෙන් ඔහු සහ ඔහුගේ ආශ්‍රිතයින් වූ තවත් ක්‍රීඩකයින් 8 දෙනෙකුට ඉවත් වීමට සිදු වුණා.

ඒ අනුව කණ්ඩායම තේරීම සදහා ඉන්දීය ප්‍රධාන සංචිතයේ ඉතිරිව සිටියේ ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...