“භානුක අහිමි වීම ලොකු පාඩුවක්” : දුෂ්මන්ත චමීර තරගයෙන් පසු කියූ දේ

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂගේ සේවය කණ්ඩායමට අහිමි වීම කණ්ඩායමට විශාල බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පවසනවා.

ඉන්දියාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 38ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

භානුක කණ්ඩායමේ රැදී සිටින්නේනම් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ වේගය අවශ්‍ය සීමාවේ පවත්වා ගෙන යා හැකි බව දුෂ්මන්ත පෙන්වා දුන්නා.

භානුකට සුවය ලැබීම සදහා කොරතම් කාලයක් ගත් වේදැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි දුෂ්මන්ත චමීර කියා සිටියේ.

තරගය පරාජයට පත් වීමට ශ්‍රී ලංකා ඉනිමේ මැද පන්දුවාර තුළ දී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වීම බලපෑ බව ද ඔහු සදහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...