සාකාර්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ T20 තරගාවලියේ ජය බංග්ලාදේශයට

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් බංග්ලාදේශය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හරාරේහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 193ක් රැස් කළා.

Wessley Madhevere ලකුණු 54ක් හා Regis Chakabva ලකුණු 48ක් ලබා ගත් අතර, Ryan Burl නොදැවී ලකුණු 31යි.

පන්දු යැවීමේ දී සෞම්‍ය සාකාර් කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.2ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

සෞම්‍ය සාකාර් ලකුණු 68ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, නායක මහ්මුදුල්ලාහ් ලකුණු 34යි.

ශමිම් හුසේන් පන්දු 15කින් ලකුණු 31ක් ලබා ගනිමින් බංග්ලාදේශයට තරගයේ ජය හිමි කර දුන්නා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani හා Luke Jongwe කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...