පළමු 20යි 20න් ශ්‍රී ලංකාවට ලකුණු 38ක පරාජයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 38ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 164ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු පන්දුවෙන්ම ප්‍රිත්වි ෂෝ දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

20යි 20 ජාත්‍යන්තර තරගයක දී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක කඩුල්ල පළමු පන්දුවෙන්ම දැවී ගිය පළමු අවස්ථාව එය වීම විශේෂත්වයක්.

නායක ශිකර් ධවාන් ලකුණු 46ක් රැස් කළ අතර, සූර්යකුමාර් යාදෙව් ලකුණු 50යි.

සංජු සැම්සන් ලකුණු 27ක් හා ඉෂාන් කිෂන් ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 18.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 26ක් ලබා ගත් අතර, සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 44(26)ක් ලබා ගත්තා.

අශේන් බණ්ඩාර පන්දු 19කින් රැස් කළේ ලකුණු 9ක් පමණයි.

නායක දසුන් ශානක ලකුණු 16කටත්, මිනෝද් භානුක ලකුණු 10කටත් දැවී ගිය අතර, සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් කඩුලු 4ක් හා දීපක් චහාර් කඩුලු 2ක් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගය ලබන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...