වනිදු IPL ගියත් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබේවිදැයි සැකයි : මුරලි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මිලදී ගැනීමට අයි.පී.එල් කණ්ඩායම් උනන්දුවක් දක්වනු ඇති බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගයෙන් පසුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

වනිදු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය කාලය පුරාවටම පන්දුවෙන් හා පිත්තෙන් කැපීපෙනන දක්ෂතා දක්වනු ලැබුවා.

ඔහු මෙම වසරේ දී එක්දින තරග 11ක් තුළ ලකුණු 344ක් රැස් කර ඇති අතර, කඩුලු 8ක් ද එහිදී දවා ගෙන ඇත්තේ පන්දුවාරයකට දල ලකුණු 4.35ක් පමණක් ලබා දෙමින්.

එමෙන්ම 2021 වසරේ දී වනිදු 20යි 20 තරග 7කදී බිද හෙලා ඇති කඩුලු ගණන 12ක්. (පන්දුවාරයකට දල ලකුණු ලබා දීම – 5.33)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා යම් කණ්ඩායමක් විසින් ඔහුව මීලදී ගැනීමට ඉඩ ඇති නමුත්, මුරලිදරන් පෙන්වා දෙන්නේ අයි.පී.එල් තරග ක්‍රීඩා කිරීම සදහා වනිදුට ඇති අවස්ථාව අවම මට්ටමක පවතින බවයි.

බොහෝ අයි.පී.එල් කණ්ඩායම් සිය කණ්ඩායම සදහා ඉන්දීය දග පන්දු යවන්නන් ක්‍රීඩා කරවීමට වැඩි කැමැත්තක් දැක්වීම ඊට හේතුව බව මුත්තයියා මුරලිදරන් සදහන් කළා.

“ඔහුට තරගයක් දෙකක් ලැබුණොත් හා දක්ෂතා දැක්වුවහොත්, එවිට ඔහු නිත්‍ය ක්‍රීඩකයෙකු වේවි.” යනුවෙන් මුරලිදරන් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...