ප්‍රිත්වි හා සූර්යකුමාර් එංගලන්තයේ දී ටෙස්ට් සංචිතයට එක් වන බව තහවුරු කෙරේ

Date:

ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් ඉන්දීය ටෙස්ට් සංචිතය සමග එංගලන්තයේ දී එක් වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද(26) තහවුරු කළා.

නිවේදනයක් නිකුත් කරමින් එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ මේ වන විට ආබාධවලට ලක්ව සිටින ෂුබ්මන් ගිල්, වොෂින්ටන් සුන්දර් හා අවේෂ් ඛාන් යන ක්‍රීඩකයින්ට එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය අහිමි වී ඇති බැවින් ප්‍රිත්වි හා සූර්යකුමාර් ටෙස්ට් සංචිතයට කැදවීමට තීරණය කළ බවයි.

ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහි සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කිරීම සදහා මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා.

ඒ අනුව ප්‍රිත්වි හා සූර්යකුමාර් කුමන දිනයකදී එංගලන්තය බලා පිටත්ව යන්නේ ද? හා ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහි අවසන් 20යි 20 තරග දෙක ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නැහැ.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මේ වන විට සුවය ලබා ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ වන විට ඔහු ඉදිරි ටෙස්ට් තරගාවලිය අරමුණු කර ගනිමින් පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

රිෂාබ් පාන්ට් සහ පුහුණු දැල් පන්දු යවන්නෙකු වන Dayanand Garani ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව නිල වශයෙන් තහවුරු කෙරුණේ පසුගිය 15 වනදායි.

Dayanand Garani ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනීම හේතුවෙන් නිරෝධායනයට ලක් කෙරුණු පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන් මෙන්ම ව්රිධිමන් සහා හා Abhimanyu Easwaran යන ක්‍රීඩකයින් ද මේ වන විට සිය නිරෝධායනය අවසන් කර ඇති බව සදහන්.

ලන්ඩන් නුවර දී ඔවුන් නිරෝධායනයට ලක් කර තිබූ අතර, ඔවුන් මේ වන විට ඩර්හැම් හී දී ඉන්දීය කණ්ඩායම සමග එක් වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...