ශ්‍රී ලංකාවට අයි.සී.සීයෙන් දඩ; තවත් ප්‍රසාද ලකුණක් කපා හරියි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සමග පසුගිය 20 වැනිදා කොළඹ පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමටයි තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව මෙම වරද හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් අහිමි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවට සුපර් ලීගය යටතේ මේ වන විට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 12ක් පමණයි.

සුපර් ලීගය යට‍තේ ශ්‍රී ලංකාව තරග 11කට ක්‍රීඩා කර ඉන් එක් ජයක් පමණක් ලබා මේ වන විට 12 වන ස්ථානයේ රැදී සිටිනවා.

මීට පෙර ද පන්දුවාර යැවීමට වැඩි කාලයක් ලබා ගැනීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණු 2ක් කපා හැරුණා.

නායක දසුන් ශානක වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...