භානුකගේ ආබාධය ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂ ඉන්දියාව සමග සිකුරාදා(23) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, ඔහු දෙවැනි එක්දින තරගයේ දී මුහුණ දුන් පාදයක ආබාධය මේ වන විට සුව වී ඇති බැවින්.

පන්දු රකිමින් සිටියදී භානුක එම ආබාධයට ලක් වූ අතර අනතුරුව ක්‍රීඩාංගනයෙන් ඉවත් වීමට පියවර ගත්තා.

ඔහු තරගාවලියේ පළමු තරගයේ දී ලකුණු 24ක් රැස් කළ අතර, දෙවැනි තරගයේ දී ලකුණු නොලබා දැවී ගියා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භවීමට නියමිතයි.

(ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයෙන් පසු මෙම පුවත යාවත්කාලීන කර ඇත)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...