විදුලි වේගයෙන් පියඹා ගොස් ග්ලේන් පිලිප්ස් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

ක්‍රිකට් තරගයක් අතරතුර පන්දු රකින්නන් විසින් ලබාගන්නා මනරම් උඩ පන්දු ඔබ අනන්තවත් දැක ඇති.

ඒවා අතුරින් අදහා ගැනීමට පවා අපහසු විශිෂ්ඨ ගණයේ උඩපන්දු රැකගැනීම් ද විවිධ අවස්ථාවලදී දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

තවත් එවැනි අති විශිෂ්ඨ ගණයේ උඩ පන්දු රැකගැනීමක් එංගලන්තයේ පැවැත්වෙන T20 Blast ප්‍රාන්ත 20යි 20 තරගාවලියේ දී දැක ගැනීමේ අවස්ථාව පසුගියදා උදා වුණා.

ඒ, Gloucestershire සහ Middlesex යන ප්‍රාන්ත කණ්ඩායම් ක්‍රීඩා කළ තරගයේදීයි.

Gloucestershire ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් විසිනුයි මෙම තරගයේ දී ඉතාමත් විශිෂ්ඨ අන්දමින් උඩ පන්දුවක් රැකගැනීමට සමත් වුණේ.

Middlesex ඉනිමේ තුන්වන පන්දුවාරයේ පස්වන පන්දුව පිට ඉන්නට තරමක් ඈතින් පතිත වූ අතර, ඊට පිතිකරුවා විසින් වේගවත් පහරක් එල්ල කරනු ලැබුවා.

එම අවස්ථාවේ දී deep backward point කලාපයේ පන්දු රකිමින් සිටි ග්ලේන් පිලිප්ස් වේගයෙන් දිව යමින් අඩි කිහිපයක් උඩු ගුවනේ පාවෙමින් එම උඩ පන්දුව රැකගැනීමට සමත්වුණේ සියල්ලන් මවිත කරවමින්.

මෙම අනර්ඝ උඩ පන්දු රැකගැනීම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදී බොහෝ පිරිස් සමාජ මාධ්‍ය තුළ පැසසුමට ලක්කර ඇති අයුරු ද දැක ගත හැකි වුණා.

ග්ලේන් පිලිප්ස් සිය පන්දු රැකීමේ දක්ෂතා ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව ද මෙය නොවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පවා අවස්ථා කිහිපයකදී ම ඔහු මෙවැනි අනර්ඝ උඩපන්දු රැකගැනීම් සිදු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...