කුසල්ගේ ආබාධය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු රකින්නන්ගේ අර්බුදයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට එළඹෙන ඉන්දීය තරගාවලිය අහිමි වීමේ අවධානමක් ඇති බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

එලෙස කුසල් පෙරේරාට එළඹෙන තරගාවලිය ක්‍රීඩා කිරිමට නොහැකි වුවහොත් ඔහු වෙනුවට කඩුලු රැකීමේ වගකීම පැවරෙන්නේ කාටදැයි මේ වන විට මතුව ඇති ප්‍රශ්නයක්.

වත්මන් සංචිතයේ විකල්ප කඩුලු රකින ක්‍රීඩකයන් සිටින්නේ දෙදෙනෙකු පමණයි. එනම්, මිනොද් භානුක සහ ළහිරු උදාර යි.

කෙසේ වෙතත්, ඔවුන් ද ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් නොවේ.

මෑතකදී නිමාව දුටු ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය අතරතුර කුසල් පෙරේරා උරහිසක අබාධයකට ලක්වූ අතර, ආබාධය සහිතව ඔහු ක්‍රීඩා කරන ආකාරය ද දැක ගත හැකි වුණා.

වාර්තා වන අන්දමට එම ආබාධ තත්ත්වය තවමත් පූර්ණ වශයෙන් සුවඅතට පත්ව නැහෑ.

ඒ හේතුවෙන් නිමා වූ පුහුණුසැසි සදහා ද ඔහු සහභාගී නොවූ බවටයි වාර්තා වුණේ.

ඒ අනුව ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලිය ඔහුට අහිමි වී යාමට බොහෝ දුරට ඉඩකඩ පවතිනවා.

ඔහුට තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් වත්මන් ශ්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් ලෙස රැඳී සිටින්නේ ධනංජය ද සිල්වා සහ දසුන් ශානක පමණක් වීම ද විශේෂත්වයක්.

මෑත ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම කුසල් ජනිත් පෙරේරා හැරුණු විට සිදු කර තිබුණේ නිරෝෂන් දික්වැල්ල සහ දිනේශ් චන්දිමාල්.

කෙසේ වෙතත්, එම ක්‍රීඩකයන්ද සංචිතයේ රැදී නොසිටින බැවින් තේරීම් කමිටුව විසින් සංචිතයේ සිටින වඩාත් සුදුසුම විකල්ප කඩුලු රකින ක්‍රීඩකයෙකු එම ස්ථානයට නම් කරනු ඇති.

සංචිතයේ සිටින කඩුලු රකින පිතිකරුවන් යුගලය වන මිනොද් භානුක සහ ළහිරු උදාර අතරින් ජාත්‍යන්තර වරම් දිනාගෙන සිටින්නේ මිනෝද් භානුක පමණයි.

ඔහු ක්‍රීඩා කර ඇත්තේ ද එක් එක්දින තරගයක් පමණක් වන අතර, එම තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 36 ක් වාර්තා කිරීමට මිනෝද් සමත්වුණා.

ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යන විකල්ප සංචිතය තුළ කඩුලු රකින පිතිකරුවෙකු ලෙස සධීර සමරවික්‍රමද රැදී සිටිනවා.

කෙසේ වෙතත්, තවමත් සධීරට මූලික සංචිතයට කැදවීමක් ලැබී නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...