“රට හැරදාලා යන්නේ නැහැ” : ඔස්ට්‍රේලියාවට යන හේතුව තිරිමාන්න පහදයි

Date:

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇසෙන්නට ලැබෙන තොරතුරු නම් එතරම් සුබවාදී ඒවා නොවන බව කවුරුත් හොදින් දන්නා කරුණක්.

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සීමිත පන්දුවාර තරග සදහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොසලකා හරිමින් තේරීම් සිදුකිරීම සම්බන්ධව එම ක්‍රීඩකයින් කනස්සල්ලෙන් පසුවන බවටයි නිරතුරුවම තොරතුරු වාර්තා වුණේ.

ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ සූදානමක ද මේ වන විට පසුවීම සැබවින්ම කනගාටුවට කරුණක්.

මේ අතරතුර ඊයේ දිනයේදී ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වාර්ථා කළ පුවතක් සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයන් අතර මේ වන විට දැඩි  අවධානයක් යොමුව තිබෙනවා.

එම පුවත තුළින් සදහන් කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න මෙරට ක්‍රිකට් පිටියට සමු දී ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වීමේ සූදානමකින් පසුවන බවයි.

කෙසේ වෙතත්, මෙම පුවත සම්බන්ධව ක්‍රීඩා මාධ්‍යවේදී විදුරංග ගුණසේකර (ක්‍රික්විදූ) කළ විමසීමකදී ළහිරු තිරිමාන්න පවසා ඇත්තේ එම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවයි.

සිය පවුලේ සාමාජිකයන් සමග කාලය ගතකිරීමේ අරමුණින් කෙටි කාලයකට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත කඩිනමින් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ටෙස්ට් දිවියේ තමා ඉහළම දක්ෂතා අතර සිටින අවධියක රට හැරදා යාමට කිසිදු හේතුවක් නොමැති බවත්, අවස්ථාව ලැබෙනතාක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම තමාගේ බලාපොරොත්තුව බවත් තිරිමාන්න එහිදී පවසා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...