දෙදෙනෙකුට කොවිඩ් බව තහවුරු කෙරේ; තවත් තිදෙනෙකු නිරෝධායනයට

Date:

එංගලන්ත තරග සංචාරයක නිරත ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් සහ පුහුණු දැල් පන්දු යවන්නෙකු වන Dayanand Garani ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නිමා වීමෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයින් සති 3ක විවේක කාලයක් ගත කළ අතර, එම කාලයේ දී යි ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

පාන්ට් කොරෝනා ආසාදිතයෙකු ලෙස පසුගිය 8 වැනිදා හදුනා ගෙන ඇති අතර, ඔහු මේ වන විට ස්වයං හුදෙකලා කිරීමකට ලක් කර තිබෙනවා.

PCR වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වුවහොත් ඔහුට ඩර්හැම්හී දී සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග එක්විය හැකියි.

Dayanand Garani ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත්තේ ඊයේ(14) දිනයේ දී යි.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස පන්දු යැවීමේ පුහුණුකරු B. Arun, ව්රිද්හිමන් සහා, Abhimanyu Easwaran හදුනා ගෙන ඇති බවත්, ඔවුන් ද නිරෝධායනයට ලක් කර ඇති බවත් සදහන්.

ඉන්දීය කණ්ඩායම ලබන 20 වනදා සිට තෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඉන්දු – එංගලන්ත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...