කුසල් ජනිත්ට සති 6ක් ක්‍රිකට් අහිමි වෙයි

Date:

උරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වනවා.

කණ්ඩායමේ වෛද්‍යවරයෙකු ඒ බව තහවුරු කළ බව සදහන් කරමින් ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ ඒ අනුව ඔහුට ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි.

කෙසේ වෙතත්, කුසල්ගේ ආබාධය සම්බන්ධයෙන් සහ ඔහුට ඉන්දීය තරගාවලිය අහිමි වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

නිමා වූ එංගලන්ත තරග සංචාරයේ දී යි කුසල් ජනිත් මෙම උරහිසේ ආබාධයට ලක් වුණේ.

ඔහුට ඉන්දීය තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව සම්පූර්ණයෙන්ම පාහේ දෙවන පෙළ කණ්ඩායමක ස්වරූපයක් ගනු ඇති.

පිතිකරණ ලැයිස්තුවේ යම් තරමකින් හෝ ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයින් ලෙස පසුවන්නේ ධනංජය ද සිල්වා හා දසුන් ශානක පමණයි.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් මෙන්ම ළහිරු තිරිමාන්න සීමිත පන්දුවාර තරග සදහා සළකා නොබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇති බැවින් මෙම තරගාවලිය සදහා වන සංචිතයට ද ඔවුන් ඇතුළත් වන්නේ නැහැ.

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් මේ වන විට තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටින බැවින් ඉන්දියාවට එරෙහි තරගාවලිය ද ඔවුන් අහිමි වනවා.

ඉන්දියාව සමග එළඹෙන 18 වනදා ආරම්භ වන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...