වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර එහි රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.

මෙතෙක් 3 වැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් 6 වැනි ස්ථානය දක්වා පහතට ඇද වැටීම හේතුවෙනුයි වනිදු හසරංග මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇත්තේ.

එංගලන්තයේ අඩිල් රෂීඩ් 3 වැනි ස්ථානය දක්වාත්, ඇෆ්ඝනිස්තානයේ මුජීබ් රෙහ්මාන් 5 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක ෆේබියන් ඇලන් 10 වැනි ස්ථානය දක්වා ස්ථාන 16කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ්, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ශ්‍රී ලංකාවේ ලක්ෂාන් සදකැන් 13 වන ස්ථානයේ රැදී සිටිනවා.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...