නිරෝධායනය වූ මෝර්ගන් ඇතුළු 9ක් 20යි 20 සංචිතයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

නායක ඔයින් මෝර්ගන් යළි සංචිතයට කැදවා ඇති අතර, 20යි 20 සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 16ක්.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසුව ක්‍රීඩකයින් ඇතුළු එක්දින සංචිතයට සම්බන්ධ සාමාජිකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් එක්දින සංචිතයේ සියලු දෙනාට නිරෝධායනයට ලක් වීමට සිදු වුණා.

එලෙස නිරෝධායනයට ලක්වූ ක්‍රීඩකයින් 9 දෙනෙකු එංගලන්ත 20යි 20 සංචිතයට කැදවීමටයි එරට ක්‍රිකට් බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ලුවිස් ග්‍රෙගරි, ජැක් බෝල්, සකිබ් මහ්මූද් හා මැට් පාර්කින්සන් 20යි 20 සංචිතයට නම් කර ඇතත්, එක්දින තරගාවලියේ දී නායකත්වය දැරූ බෙන් ස්ටෝක්ස්ට විවේකයක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විවේකයක් ගැනීමට නියමිත බැවින් 20යි 20 තරගාවලියේ දී කණ්ඩායමේ පුහුණුකරු ලෙස පෝල් කොලින්වුඩ් කටයුතු කරනු ඇති.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය ලබන 16 වනදා Trent Bridge හී දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත 20යි 20 සංචිතය –

Eoin Morgan (c), Moeen Ali, Jonny Bairstow, Jake Ball, Tom Banton, Jos Buttler, Tom Curran, Lewis Gregory, Chris Jordan, Liam Livingstone, Saqib Mahmood, Dawid Malan, Matt Parkinson, Adil Rashid, Jason Roy, David Willey

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...