අනාගතය ගැන තීරණයක් ගන්න චන්දිමාල්ගෙන් ක්‍රිකට් බළධාරීන්ට ලිපියක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා හා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බළධාරීන් වෙත මෙම ලිපිය යොමු කර ඇති බව සදහන්.

එම ලිපිය තුළින් ඔහු සිය ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි සදහන් කර ඇත්තේ.

“මගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡා කිරීමට මා කැමතියි. මෙය මාගේ වෘත්තිය බැවින් මෙම අවස්ථාවේ දී මාගේ අනාගතය සඳහා නිවැරැදිම තීරණය ගැනීම මට ඉතා වැදගත් වේ.” යනුවෙන් 31 හැවිරිදි චන්දිමාල් පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තමන් මෙතෙක් දක්වා ඇති දක්ෂතා පිළිබදව ද මෙම ලිපියෙන් දිනේෂ් චන්දිමාල් සිහිපත් කිරීමක් සිදු කර ඇති අතර, හිටපු ශ්‍රී ලංකා පිතිකරුවන් කිහිප දෙනෙකුගේ දක්ෂතා වයස අවුරුදු 30න් පසුව වර්ධනය වී ඇති අයුරු ද ඔහු පෙන්වා දී තිබෙනවා.

මීට පෙර ඇන්ජෙලෝ මැතිව්ස් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සදහන් කර තිබුණේ තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

මේ වන විට ඔවුන් දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇති බැවිනුයි ඔවුන්ගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් හට ගෙන ඇත්තේ.

චන්දිමාල් යොමු කළ ලිපිය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...