ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද(14) පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමා තිබෙනවා.
මෙම සාකච්ඡාව සදහා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින් ද එක්වීමටයි නියමිතව තිබුණේ.
එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දියුණු කළ යුතු ආකාරයට අදාළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට නියමිතව තිබූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.
ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද එහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාව වෙනත් දිනයක් දක්වා කල් දැමූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා අද පස්වරුවේ තහවුරු කර සිටියේ.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා, ක්‍රීඩා අමාත්‍යංශය සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නංවාලීමට කැපවී සිටින බව ද ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

