බබාර්ගේ සුපිරි ශතකය වින්ස්ගේ සටන්කාමී ශතකය හමුවේ අපතේ යයි; එංගලන්තයට වාර්තාගත ජයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ද කඩුලු 3ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(14) අලුයම සමත් වුණා.

බර්මිංහැම්හි පැවැති තරගය ජය ගැනීම සදහා එංගලන්තයට ලකුණු 332ක දැවැන්ත ඉලක්කයක් ලබා දීමට බබාර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන පිතිකරුවන් සමත් වුවත්, එම ඉලක්කය එංගලන්තය කඩුලු 7ක් දැවී පසු කර ගියේ ඉනිම නිමා වීමට පන්දු 12ක් ඉතිරිව තිබියදීයි.

පාකිස්තාන කණ්ඩායමට ලකුණු 332ක ලකුණු ප්‍රමාණයක් එංගලන්ත දෙවන පෙළ කණ්ඩායමකට එරෙහිව ද රැක ගැනීමට නොහැකි වීම එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලත්වය මොනවට පැහැදිලි කළ අවස්ථාවක් බවට පත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 331ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බබාර් අසාම් පන්දු 139කින් ලකුණු 158ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් මොහොමඩ් රිස්වාන් ලකුණු 74කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 179ක්.

පළමු තරග දෙකේ දී අසාර්ථක වූ ඉමාම් උල් හක් මෙම තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56ක්.

පන්දු යැවීමේ දී Brydon Carse ලකුණු 61කට කඩුලු 5ක් බිද හෙලූ අතර, සකිබ් මහ්මූද් ලකුණු 60කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන් සිය ඉනිම පුරාවටම ධනාත්මක හා නිර්භය පිතිහරඹයක නිරත වනු දක්නට ලැබුණා.

කෙසේ වෙතත්, ආරම්භක පිතිකරු ඩාවිඩ් මලාන් මෙම තරගයේ දී ද ලකුණු නොලබා දැවී ගිය අතර, Phil Salt ලකුණු 37යි.

සැක් ක්‍රව්ලි ලකුණු 39කටත්, බෙන් ස්ටොක්ස් ලකුණු 32කටත් දැවී ගියා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ජේම්ස් වින්ස් සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් ලකුණු 102ක් ලබා ගත්තේ පන්දු 95කට මුහුණ දෙමින්.(4×11)

ලුවිස් ග්‍රෙගරි ලකුණු 77ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනා අතර 6 වන කඩුල්ල සදහා ලකුණු 129ක සබතාවයක් ගොඩ නැගුණා.

ක්‍රෙයිග් ඕවර්ටන් හා Brydon Carse පිළිවෙලින් නොදැවී ලකුණු 18ක් හා 12ක් රැස් කරමින් එංගලන්තයට වාර්තාගත ජයක් තහවුරු කර දුන්නා.

බර්මිංහැම්හි Edgbaston ක්‍රීඩාංගනයේ දී කණ්ඩායමක්, හඹා ගොස් එක්දින ජාත්‍යන්තර තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් කඩුලු 4ක් හා ශඩාබ් ඛාන් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...