දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තය සිය පළමු එක්දින ජය ලබයි

Date:

ඉතිහාසයේ පළමු වරට දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගයකින් පරාජයට පත් කිරීමට අයර්ලන්ය අද(13) සමත් වුණා.

ඒ , දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඔවුන් ලකුණු 43ක ජයක් වාර්තා කරමින්.

අයර්ලන්තයේ Dublin හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්තය කඩුලු 5ක් දැවී ලකුණු 290ක් රැස් කළා.

නායක Andy Balbirnie ලකුණු 102ක් රැස් කළ අතර, Harry Tector ලකුණු 79යි.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ ලකුණු 73කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 48.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 247ක් පමණයි.

Janneman Malan ලකුණු 84 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mark Adair, Josh Little හා Andy McBrine කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව නිමා වූ බැවින් දෙරට අතර පැවැත්වෙන තරග 3කන් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ අයර්ලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...