ඉමාම් දවා ගැනීමට පාර්කින්සන් යොමු කළ සුපිරි දග පන්දුව

Date:

එංගලන්තය හා පාකිස්තානය අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී සුපිරි පන්දු යැවීමක් තුළින් පාකිස්තානයේ ඉමාම් උල් හක් දවා ගැනීමට මැට් පාර්කින්සන් අද(13) සමත් වුණා.

බර්මිංහැම්හී දී මෙම තරගය ආරම්භ වුණේ කාසියේ වාසිය එංගලන්තයට හිමි කර දෙමින්.

ඒ අනුව ඔවුන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 331ක් ලබා ගනිමින්.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ බාබර් අසාම් පන්දු 139කින් ලකුණු 158ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් මොහොමඩ් රිස්වාන් ලකුණු 74කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 179ක්.

පළමු තරග දෙකේ දී අසාර්ථක වූ ඉමාම් උල් හක් මෙම තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 56ක්.

ඔහු දැවී ගියේ මැට් පාර්කින්සන් පිතිකරුවා තුළට දග කැවූ සුපිරි පා දග පන්දුවක් හමුවේයි.

එම පන්දුව විශාල දග කැවීමක් සහිතව කඩුල්ලේ වැදීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කරුණක් වුණා.

පන්දු යැවීමේ දී Brydon Carse ලකුණු 61කට කඩුලු 5ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...