ඉන්දු – ශ්‍රී ලංකා තරග ආරම්භක වේලාවේ වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග ආරම්භක වේලාවන් සංශෝදනය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, පසුගියදා ප්‍රකාශයට පත් කළ සංශෝදිත නව තරග කාලසටහනට අනුව එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ලබන 18 වනදායි.

එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

එම සියලු තරග පස්වරු 2.30ට ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබුණත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(12) නිවේදනය කළේ එක්දින තරග තුන පස්වරු 3ට ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම තරග රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

නමුත්, 20යි 20 තරග රාත්‍රී 8ට ආරම්භ කිරීමට මේ වන විට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...