මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස කොන්වේ නම් කෙරේ

Date:

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ නම් තිබෙනවා.

ඒ, එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ද්විත්ව ශතකය හා අනතුරුව ක්‍රීඩා කළ තරග දෙකේ දී වාර්තා කළ අර්ධ ශතක හේතුවෙන්.

ඩෙවෝන් කොන්වේට අමතරව කයිල් ජමිසන් හා දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් ද අයි.සී.සී මාසයේ ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබුණා.

මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ එංගලන්තයේ Sophie Ecclestone.

ඊට අදාළ නිර්දේශිත නාම අතරට ඉන්දියාවේ Sneh Rana සහ Shafali Verma ද ඇතුළත්ව සිටියා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හි (ICC Hall of Fame) සාමාජිකයින් ඇතුළත් ස්වාධීන අයි.සී.සී මනාප ඇකඩමියේ මනාප (90%) හා ප්‍රේක්ෂක මනාපයන් (10%) ද සැලකිල්ලට ගනිමින් අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා ගනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...