ගේල්ගේ සුපිරි ප්‍රහාරය තරගාවලියේ ජය කොදෙව්වන්ට ගෙන එයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(13) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් කොදෙව්වන් කඩුලු 6ක පහසු ජයක් වාර්තා කිරීමත් සමගයි.

ශාන්ත ලුසියාහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 141ක් රැස් කළා.

මොයිසස් හෙන්රික්ස් ලකුණු 33ක් හා නායක ආරෝන් ෆින්ච් ලකුණු 30ක් ලබා ගත්තා. ඇෂ්ටන් ටර්නර් ලකුණු 24යි.

පන්දු යැවීමේ දී හෙයිඩ්න් වොල්ෂ් ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලූ අතර, ඔබෙඩ් මැකෝයි, ඩ්වේයන් බ්‍රාවෝ හා ෆේබියන් ඇලන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 14.5ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදීයි.

ක්‍රිස් ගේල් පන්දු 38කින් ලකුණු 67ක් රැස් කළේ හයේ පහර 7ක් හා හතරේ පහර 4ක් ද සමගින්. නිකලස් පූරාන් ලකුණු 32(27)යි.

Riley Meredith ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...