ශාරීරිකව ගැටුණු බංග්ලාදේශ හා සිම්බාබ්වේ ක්‍රීඩකයින් දෙදෙනාට දඩ

Date:

බංග්ලාදේශයේ ටස්කින් අහ්මඩ්ට හා සිම්බාබ්වේහි Blessing Muzarabani ට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, දෙරට අතර හරාරේහි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී ඔවුන් දෙදෙනා අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් එහි පළමු මට්ටමේ (Level 1) වරදක් සිදු කිරීම හේතුවෙන්.

අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.1.12 වගන්තිය උල්ලංඝණය කරමින් ඔවුන් දෙදෙනා තරගය අතරතුර දී ශාරිරිකව එකිනෙකා ගැටීම හේතුවෙන් මෙම දඩුවම පනවා ඇති අතර, ක්‍රීඩකයින් දෙදෙනාගේම විනය වාර්තාවට දඩුවම් ලකුණ (demerit point) බැගින් ද පනවා තිබෙනවා.

Muzarabani යොමු කළ පන්දුවකින් අනතුරුව මෙම ක්‍රීඩකයින් දෙදෙනා උණුසුම් වචන හුවමාරුවක මුහුණට මුහුණ නිරත වෙමින් ශාරීරිකව යම් ගැටීමක් සිදු වුණේ බංග්ලාදේශ පළමු ඉනිමේ 85 වන පන්දුවාරයේ දී යි.

මේ අතර, තරගයේ තෙවැනි දිනය අද(9) නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 45ක් ලබා සිටියා.

ඔවුන් පළමු ඉනිමට ලකුණු 468ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 276ක්.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 237ක් ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...