ඉන්දු – ශ්‍රී ලංකා යෝජිත නව තරග කාලසටහන මෙන්න

Date:

දින කිහිපයකින් කල් දැමීමට නියමිත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි යෝජිත නව තරග කාලසටහන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලබන 13 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය ලබන 17 වනදා ආරම්භ වනු ඇති බවයි එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

දෙවැනි එක්දින තරගය ලබන 19 වනදා ද, තෙවැනි තරගය ලබන 21 වනදා ද පැවැත්වෙනු ඇති.

මීට පෙර එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

20යි 20 තරගාවලිය ලබන 24, 25 හා 27 යන දිනවලදී පැවැත්වීමට ද යෝජනා කර තිබෙනවා.

20යි 20 තරග තුන පැවැත්වීමට මීට පෙර නියමිතව තිබුණේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනුයි තරග කාලසටහන සංශෝදනය කිරීමට මේ වන විට සිදුව ඇත්තේ.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට හා දත්ත විශ්ලේකවරයාට එලෙස කොවිඩ් 19 ආසාදනය වී තිබුණා.

ඒ අනුව සියලු සාමාජිකයින් වැඩි කාලයක් නිරෝධායනයට ලක් කළ යුතු අතර, ඉදිරියේ දී සිදු කෙරෙන PCR පරීක්ෂණවලින් එංගලන්ත සංචාරයට එක් වූවන් ආසාදිතයින් නොවන බවට හදුනා ගැණුනහොත් පමණක් ඔවුන්ට ඉන්දීය තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති.

ඔවුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, ඔවුන් වෙනුවට ආදේශ කිරීම සදහා මේ වන විට විකල්ප කණ්ඩායමක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් කර තිබෙනවා.

ඉන් එක් ක්‍රීඩක පිරිසක් දඹුල්ලේ දී ද, අනෙක් ක්‍රීඩකයින් පිරිස කොළඹ දී ද ජෛව ආරක්ෂිත බුබුලු දෙකක මේ වන විට පුහුණුවීම් ආරම්භ කර අවසන්.

නව තරග කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ඉන්දීය ක්‍රිකට් ආයතනය අතර සාකච්ඡා සිදු වන අතර, ඉදිරියේ දී එම කාලසටහන නිල වශයෙන් නිවේදනය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...