ලකුණු 19කට කඩුලු 6ක් දැවී යාමෙන් කොදෙව්වන් හමුවේ ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත පරාජයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ශාන්ත ලුසියාහි පැවැති තරගය ජය ගැනීම සදහා ඔස්ට්‍රේලියාවට ලකුණු 146ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී පන්දුවාර 16කදී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

ඒ, පවර් ප්ලේ (පළමු පන්දුවාර 6 තුළ) අවස්ථාවේ දී ඔවුන් කඩුලු 3කට ලකුණු 70ක් රැස් කර තිබූ පසුබිමකයි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 19ක් තුළ බිද වැටීම කැපී පෙණුනා.

මැතිව් වේඩ් පන්දු 14කින් ලකුණු 33ක් හා මිචෙල් මාෂ් පන්දු 31කින් වේගවත් ලකුණු 51ක් රැස් කළ නමුත්, ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ට ලකුණු 18ක පරාජයක් අත්විදීමට සිදු වුණා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි කඩුලු 4ක් හා හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 145ක් රැස් කළේ ඇන්ඩ්‍රි රසල් පන්දු 28කින් වාර්තා කළ වේගවත් ලකුණු 51න් සවිමත් වෙමින්.

ඔහුගේ ඉනිම හයේ පහර 5ක් හා හතරේ පහර 3කින් වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3ක් හා මිචෙල් මාෂ් කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...