ඉන්දු – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලි ජූලි 18 සිට 29 දක්වා

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි තරග කාලසටහන සංශෝදනය කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ අනුව නව තරග කාලසටහනට අනුව සියලු තරග ලබන 18 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර දෙරට අතර එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනුයි තරගාවලිය දින කිහිපයකින් කල් දැමීමට තීරණය කෙරුණේ.

නව තරග කාලසටහන පිළිබද එකගතාවයකට එළඹීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් හා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා අතර අද(10) පෙරවරුවේ දී සාකච්ඡා සිදුව තිබූ බව සදහන්.

තරගාවලියේ නිල කාලසටහන කඩිනමින් ප්‍රකාශයට පත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...