ශ්‍රී ලංකා විකල්ප කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටත් කොරෝනා; භානුක ඇතුළු පිරිසක් නිරෝධායනයට

Date:

ඉන්දීය තරගාවලිය වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සදහා සූදානම් කරමින් සිටි විකල්ප ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

පිතිකරු සදුන් වීරක්කොඩිට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්.

ඔහු තවත් ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණ සමග කොළඹ දී පුහුණුවීම්වල නිරතවෙමින් සිටියේ කොළඹ ප්‍රධාන හෝටලයක් තුළ නිර්මාණය කළ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේයි.

සදුන් වීරක්කොඩි, භානුක රාජපක්ෂ ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් පුහුණු තරග ක්‍රීඩා කිරීම සදහා ඊයේ(9) රාත්‍රී කාලයේ දී දඹුල්ලට පිටත් කර තිබූ බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, උද්ගතව ඇති නවතම තත්ත්වය හේතුවෙන් භානුක, අසේල ගුණරත්න, ඇන්ජෙලෝ පෙරේරා ඇතුළු කොළඹ දී ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටි සියලු ක්‍රීඩකයින්ට ද මේ වන විට නිරෝධායනයට ලක්වීමට සිදුව තිබෙනවා.

තවත් ක්‍රීඩකයින් 24 දෙනෙකු දඹුල්ලේ දී ද ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටින අතර, ඔවුන්ට මෙතෙක් කිසිදු බලපෑමක් එල්ල වී නැහැ.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද කොවිඩ් 19 ආසාදනය වී තිබූ අතර, ඒ හේතුවෙනුයි ඉන්දියාවට එරෙහි තරගාවලි වෙනුවෙන් අවශ්‍ය වුවහොත් ආදේශ කිරීම සදහා විකල්ප සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස සූදානම් කර තිබුණේ.

එංගලන්ත සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ද මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා.

නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ, කොළඹ ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටි ක්‍රීඩකයින් –

අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජෙලෝ පෙරේරා, සදුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය, ලහිරු මධුෂංක, ළහිරු ගමගේ, මාලින්ද පුෂ්පකුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේල උඩවත්ත

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...