ඉන්දු – ශ්‍රී ලංකා සංශෝදිත තරග කාලසටහන නිකුත් කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි සංශෝදිත නව තරග කාලසටහන මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අප මීට පෙර වාර්තා කළ පරිදි සියලු තරග ලබන 18 වනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 3 ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මීට පෙර දෙරට අතර එක්දින තරගාවලිය ලබන 13 වනදා ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැණුනු අතර, ඒ අනුව ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නිරෝධායන ක්‍රියාවලීන් ද සම්පූර්ණ කිරීමට සිදු වන බැවින් තරග කාලසටහන සංශෝදනය කර ඇති බව සදහන්.

නව තරග කාලසටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...