සිම්බාබ්වේ ලකුණු 354ක් පිටුපසින්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 114ක්.

Milton Shumba ලකුණු 41කට දැවී ගිය අතර, නායක බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 37ක් සහ Takudzwanashe Kaitano නොදැවී ලකුණු 33ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

හරාරේ හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී  ලකුණු 468ක් ලබා ගත්තා.

ඒ, ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 132කට දැවී ගොස් තිබූ පසුබිමකයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 150ක් ලබා ගත් අතර, ලිටොන් ඩාස් ලකුණු 95යි.

ටස්කින් අහ්මඩ් ලකුණු 75ක් ද, නායක මොමිනුල් හක් ලකුණු 70ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 4ක් දවා ගත් අතර, Donald Tiripano හා Victor Nyauchi කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 354ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...