ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන්ට

Date:

ඉන්දියාවට එරෙහි එක්දින සහ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට හිමි වනු ඇති බව වාර්තා වනවා.

උප නායකයා ලෙස ධනංජය ද සිල්වා පත් කිරීමට ද නියමිතව ඇති බව සදහන්.

දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස 2019 වසරේ පැවැති පාකිස්තාන තරග සංචාරයේ දී කටයුතු කළ අතර, එම තරගාවලිය තරග 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

අනතුරුව ඔහුව මෙම වසර මුල පැවැති කොදෙව් තරග සංචාරයේ 20යි 20 තරගාවලිය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ නමුත්, වීසා ගැටලුවක් හේතුවෙන් ඔහුට එම තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

දසුන් ශානක මීට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර නැහැ.

නිමා වූ බංග්ලාදේශ සහ එංගලන්ත තරග සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමි වූ නමුත්, එම සංචාරවලදී ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක් වීමට සමත් වූයේ නැහැ.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තරග 9කට ක්‍රීඩා කළ අතර, ඉන් තරග 7ක්ම පරාජයට පත් වුණා.

ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ලබන 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...