සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්රිකට් තරගය අද(7) හරාරේ හී දී ආරම්භ වුණා.
පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 294ක් ලබා සිටියා.
ලිටොන් ඩාස් ලකුණු 95ක් රැස් කළ අතර, නායක මොමිනුල් හක් ලකුණු 70කට දැවී ගියා.
මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 54ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉනිමේ හය වැනි කඩුල්ල ලකුණු 132ක්ව තිබියදී බිද වැටුණු අතර, අනතුරුව 7 වන කඩුල්ල සදහා ලිටොන් ඩාස් සහ මහ්මුදුල්ලාහ් අතර ලකුණු 138ක සබදතාවයක් ගොඩ නැගුණා.
පන්දු යැවීමේ දී Blessing Muzarabani කඩුලු 3ක් දවා ගත් අතර, Donald Tiripano හා Victor Nyauchi කඩුලු 2 බැගින් බිද හෙලුවා.

