මෙන්ඩිස්, දික්වැල්ල හා ධනුෂ්ක ගැන විමර්ශනය කරන්න පංච පුද්ගල කමිටුව පත් කෙරේ

Date:

විනය ගැටලු හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එංගලන්ත තරග සංචාරය අතරතුර දී උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක විසින් ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කළ අතර, ඒ හේතුවෙනුයි ඔවුන්ට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා කඩිනමින් යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේ.

දිවයිනට පැමිණීමෙන් පසුව ඔවුන් තිදෙනා මේ වන විට හෝටලයකදී නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

විමර්ශන අවසන් වනතුරු අදාළ ක්‍රීඩකයින් තිදෙනාට පැනවූ තාවකාලික ක්‍රිකට් තහනම වලංගු වන අතර, විමර්ශනවලින් අනතුරුව ඔවුන්ට ලබා දෙන දඩුවම තීරණය කරනු ඇති.

පංච පුද්ගල කමිටුව –

  1. Justice Nimal Dissanayaka (Retd Judge of the Supreme Court of Sri Lanka)
  2. Mr. Panduka Keerthinanda, Attorney-at-Law
  3. Mr. Asela Rekawa, Attorney-at-Law
  4. Mr. Uchitha Wickremasinghe, Attorney-at-Law
  5. Major General (Retd) M.R.W. De Zoysa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...