ධනංජය ස්ථාන 10කින් ඉදිරියට; වෝක්ස් තෙවැනි තැනට

Date:

නවතම අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් සමත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එම තරගාවලියේ තරග දෙකකදී කඩුලු 6ක් දවා ගත් වෝක්ස් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4කින්.

එංගලන්ත පිතිකරු ජෝ රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නායක කුසල් ජනිත් පෙරේරා 41 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, ධනංජය ද සිල්වා ද ස්ථාන 10කින් ඉදිරියට පැමිණ ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඒ අනුව ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 74 වන ස්ථානයයි.

දසුන් ශානක හා වනිදු හසරංග සම 98 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් පන්දුවාර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒඩ්න් මාක්‍රම් එහි 19 වන ස්ථානය දක්වා ස්ථාන 23කින් ද, කොදෙව් දූපත්හි එවින් ලුවිස් 9 වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...