කොරෝනා අර්බුදය නිසා එංගලන්තයෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් නව සංචිතයක්

Date:

පාකිස්තානය සමග අනිද්දා(8) ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා නව සංචිතයක් නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ බෙන් ස්ටොක්ස්ටයි.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයම පාකිස්තානයට එරෙහිව ද නම් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත්, එම සංචිතයේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් නව සංචිතයක් නම් කිරීමට එංගලන්තයට අද(6) සිදු වුණා.

වෛරසය ආසාදනය වූවන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස එක්දින සංචිතයේ සියලු දෙනා හදුනා ගැනීමත් සමග ඔවුන් සියලු දෙනා ද නිරෝධායනයට ලක් කිරීමටයි මේ වන විට කටයුතු කර ඇත්තේ.

නම් කර ඇති නව සංචිතයට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත්.

එමෙන්ම මෙම තරගාවලියේ දී විවේක ගැනීමට සූදානම්ව සිටි පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ද කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස යළි කටයුතු කිරීමට නියමිතයි.

England Men’s ODI Squad : 
Ben Stokes (Durham, captain), Jake Ball (Nottinghamshire), Danny Briggs (Warwickshire), Brydon Carse (Durham), Zak Crawley (Kent), Ben Duckett (Nottinghamshire), Lewis Gregory (Somerset), Tom Helm (Middlesex), Will Jacks (Surrey), Dan Lawrence (Essex), Saqib Mahmood (Lancashire), Dawid Malan (Yorkshire), Craig Overton (Somerset), Matt Parkinson (Lancashire), David Payne (Gloucestershire), Phil Salt (Sussex), John Simpson (Middlesex), James Vince (Hampshire)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...