එංගලන්ත එක්දින සංචිතයට සම්බන්ධ 7 දෙනෙකුට කොරෝනා; සංචිතයම නිරෝධායනයට

Date:

එංගලන්ත එක්දින සංචිතයේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඊයේ(5) බ්‍රිස්ටල්හී දී සිදු කළ PCR පරීක්ෂණවලින් ඒ බව තහවුරු වූ බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වෛරසය ආසාදනය වූ සෙසු සිව්දෙනා කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ සිව්දෙනෙකු බව සදහන්.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඔවුන්ව ස්වයං හුදෙකලා කිරීමකට ලක් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම එක්දින සංචිතයේ සෙසු සියලු දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගෙන ඇති අතර, ඔවුන්ව ද නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එංගලන්ත – පාකිස්තාන එක්දින තරගාවලිය තවත් දින දෙකකින් ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි මෙම සිදුවීම වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පාකිස්තානයට එරෙහි එක්දින සහ 20යි 20 තරගාවලි සැලසුම් කළ පරිදි පැවැත්වීමට කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සංචිතයම පාකිස්තානයට එරෙහිව ද නම් කිරීමටයි එරට ක්‍රිකට් ආයතනය පසුගියදා තීරණය කළේ.

පාකිස්තානයට එරෙහි එක්දින සංචිතයට ඇතුළත් නොවුණු බෙන් ස්ටොක්ස් පවතින තත්ත්වය මත යළි එංගලන්ත සංචිතයට කැදවා ඇති අතර, ඔහුගේ නායකත්වයෙන් යුත් සංචිතයක් ඉදිරි පැය කිහිපයේ දී නම් කිරීමට නියමිතව තිබෙනවා.

සංචිතයට කැදවන ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් PCR පරීක්ෂණවලට ලක් කර නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව කණ්ඩායම සමග සම්බන්ධ කර ගනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...