ආරම්භයේ සිටම LPL යන්න බංග්ලාදේශ ක්‍රීඩකයින්ට අවසර නැහැ : BCB

Date:

බංග්ලාදේශ ක්‍රීඩකයින්ට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා එහි ආරම්භයේ සිටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් හිමි නොවන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අදාළ කාලයේ දී බංග්ලාදේශ කණ්ඩායම ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායම තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් සිය රටේ දී ම ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු 2 – 8 කාලයේ දී යි.

අනතුරුව නවසීලන්තයට සහ එංගලන්තයට එරෙහිව ද බංග්ලාදේශය තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශකිබ් අල් හසාන්, ටමිම් ඉක්බාල්, මහ්මුදුල්ලාහ්, මෙහිදි හසාන්, ටස්කින් අහ්මඩ්, ලිටොන් ඩාස් සහ සෞම්‍ය සාකාර් යන ක්‍රීඩකයින් මෙවර LPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට (Draft) ලියාපදිංචි වී සිටිනවා.

“ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියක් පවතින නිසා එයාලට(බංග්ලාදේශ ක්‍රීඩකයින්ට) LPL තරගාවලියේ ආරම්භයේ සිට ඊට එක්වීමට අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ.”  යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් විදෙස් ක්‍රිකට් වෙබ් අඩවියකට සදහන් කළා.

“අපිට තවත් තරගාවලි තියෙනවා. නමුත් ඒවා අතර යම් කාලයක් ඉතිරිව පවතිනවා. එම අවස්ථාවේ දී එයාලට පුලුවන් ගිහිං LPL ක්‍රීඩා කරන්න”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...