කොදෙව්වන් පරදා තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙරට වේලාවෙන් අද(4) අලුයම සමත් වුණ.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 25ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ග්‍රැනඩාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 168ක් ලබා ගත්තා.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 70ක්(48) සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 60ක්(42) රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ෆිදෙල් එඩ්වර්ඩ්ස් කඩුලු 2ක් බිද හෙලූ අතර, ඩ්වේයන් බ්‍රාවෝ හා ඔබෙඩ් මැකෝයි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.

එවින් ලුවිස් ලකුණු 52ක් සහ ශිම්රන් හෙට්මයර් ලකුණු 33ක් රැස් කළා. නිකලස් පූරාන් ලකුණු 20යි.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක්, කාගිසෝ රබාඩා කඩුලු 2ක් සහ වියාන් මෝල්ඩර් කඩුලු 2ක් බිද හෙලුවා.

2019 වසරේ මාර්තු මාසයෙන් පසුව දකුණු අප්‍රිකාව 20යි 20 තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...