ප්‍රවීන වේග පන්දු පුහුණුකරු අනූෂට ඔස්ට්‍රේලියාවෙන් පුහුණුකාර ධූරයක්

Date:

ශ්‍රී ලංකා ප්‍රවීන වේග පන්දු යවන පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා ඔස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ (Mulgrave Cricket Club) සහාය පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

වසර 3ක කාලයක් සදහායි ඔහු ගිවිසුම් අත්සන් කර ඇත්තේ.

2000 වසරේ සිට 2015 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස අනූෂ සමරනායක මහතා කටයුතු කළා.

මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර, නායකයා ලෙස කටයුතු කරන්නේ ද ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්.

එමෙන්ම හිටපු ආරම්භක පිතිකරුවෙකු වන උපුල් තරංග ද මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...