පාකිස්තානයේ තරගාවලියට යන්න තාම අවසර නැහැ : ඩිල්ෂාන්

Date:

ඉදිරියේ දී පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට තමාට ආරාධනාවක් ලැබී ඇති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

කෙසේ වෙතත්, තරගාවලියට සහභාගී වන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේ දී ලාහෝර් නුවර දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්පූර්ණයෙන් අමතක කළ නොහැකි බවත්, එබැවින් අදාළ තරගාවලියට සම්බන්ධ වන්නේ නම් පවුලේ සාමාජිකයින්ගේ කැමැත්ත ද ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා හිටපු නායකයා කියා සිටියා.

“පාකිස්තානයේ පැවැත්වෙන තරගාවලියකට මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් තවමත් ගෙදරින් ග්‍රීන් ලයිට් එක පත්තු වුණේ නැහැ.” යනුවෙන් ඩිල්ෂාන් සදහන් කළා.

ක්‍රිකට් පිටියේ තවදුරටත් හොදින් දක්ෂතා දක්වන්නේ තම කැපවීම හේතුවෙන් බවයි අප කළ විමසීමකදී ඩිල්ෂාන් වැඩිදුරටත් කියා සිටියේ.

“මම කරන දේට උපරිම කැපවීමේ ප්‍රථිපල තමයි ඒ. මම ලංකාවේ ඉන්න කාලේ පවා මගේ කාලය වෙන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවට විතරයි. ඕනෙම දෙයක් වෙනුවෙන් අපි කැපවන ප්‍රමාණය අපේ සාර්ථකත්වයට මග කියනවා.”

ඉදිරි වසර 3 තුළ දී ඔස්ට්‍රේලියාවේ Mulgrave ක්‍රිකට් සමාජයට නායකත්වය දරන බැවින් එම කටයුතු සදහා ඉදිරියේ දී වැඩි කාලයක් යෙදවීමට සිදුව ඇති බවයි ඔහු සදහන් කළේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී වූ, ඉන්දියාවේ පැවැති Road Sefety World Series තරගාවලියේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එය ලබන වසර දක්වා කල් දමා ඇති බව ද මෙහිදී තිලකරත්න ඩිල්ෂාන් කියා සිටියා.

“අවාසනාවකට කොවිඩ් 19 වසංගතය නිසා ඒ තරගාවලිය පැවැත්වෙන්නේ නැහැ. නමුත් ලබන වසරේ මාර්තු, අප්‍රේල් මාසවල තරගාවලිය තියන්න සුදානමක් තියෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...