ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත එක්දින සංචිතයම පාකිස්තානයට එරෙහිවත් නම් කෙරේ

Date:

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම් කර ඇති එක්දින සංචිතයම කිසිදු වෙනස්කමක් නොමැතිව එම තරගාවලිය සදහා ද නම් කිරීමටයි එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගය සදහා වන එංගලන්ත සංචිතයට කැදවූ ටොම් බැන්ටන් ද පාකිස්තාන තරගාවලිය සදහා ද නම් කර ඇති බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එංගලන්ත – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය ජූලි 8 වනදා කාර්ඩිෆ්හී දී ද, දෙවැනි තරගය ජූලි 10 වැනිදා ලෝඩ්ස් හී දී ද, තෙවැනි තරගය ජූලි 13 වනදා Edgbaston ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

පාකිස්තානයට එරෙහි එංගලන්ත 20යි 20 සංචිතය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

  • England ODI squad for Pakistan series :
    Eoin Morgan (Middlesex, captain), Moeen Ali (Worcestershire), Jonathan Bairstow (Yorkshire), Tom Banton (Somerset), Sam Billings (Kent), Sam Curran (Surrey), Tom Curran (Surrey), Liam Dawson (Hampshire), George Garton (Sussex), Liam Livingstone (Lancashire), Adil Rashid (Yorkshire), Joe Root (Yorkshire), Jason Roy (Surrey), David Willey (Yorkshire), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...