ට්විටර් පණිවිඩ සිද්ධියට රොබින්සන්ට තරග තහනමක් සහ දඩයක්

Date:

වසර 8කට පෙර පල කළ ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ හේතුවෙන් තාවකාලික ක්‍රිකට් තහනමකට ලක්ව සිටි එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට තරග 8ක තහනමක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් තරග 5ක තහනම වසර දෙකකට අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔහුට මේ වන විටත් තරග 3ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බැවින් (නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගය සහ ප්‍රාන්ත 20යි 20 තරග දෙකක්) රොබින්සන්ට යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ හැකියාව මේ වන විට උදා වී තිබෙනවා.

ත්‍රිපුද්ගල ක්‍රිකට් විනය කොමිසම විසින් මෙම තීන්දු ගෙන තිබූ අතර, ඔහුට පවුම් 3200ක දඩ මුදලක් ද පැනවීමටයි තීරණය කර ඇත්තේ.

“මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා ක්‍රිකට් විනය කොමිසමේ තීන්දුව” යනුවෙන් ඔලී රොබින්සන් සදහන් කළා.

නවසීලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් 27 හැවිරිදි ඔලී රොබින්සන් එම තරගයේ දී කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුණා.

2012 – 2013 වසරවලදී 18 – 19 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබූූ අතර, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු වසර 8කට පෙර තමා අතින් සිදු වූ එම වරදට සමාව ද ඉල්ලා සිටියා.

ඒ, තරගයේ පළමු දිනය ක්‍රියාත්මක වන අතරවාරයේ දී අදාළ ට්විටර් පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම හේතුවෙන්.

“අද ප්‍රසිද්ධ වෙලා තියෙන, මීට වසර අටකට පෙර මා විසින් පල කරන ලද ජාතිවාදී සහ ලිංගිකවාදී ට්විටර් පණිවිඩ ගැන මගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දිනයේ දී මම ලැජ්ජාවට පත් වෙනවා.” යනුවෙන් ඔහු අදාළ නිවේදනයේ සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...