ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායමට ශ්‍රී ලාංකිකයෙකුත් ඇතුළත් කෙරේ

Date:

පළමු වරට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සංවිධාන කරනු ලැබූ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලිය නවසීලන්තයට ශූරතාවය හිමි කර දෙමින් පසුගියදා අවසන් වු‍ණේ ඉන්දියාවට අවසන් මහා තරගයක තවත් අමිහිරි පරාජයක් උරුම කර දෙමින්.

2019 වසරේ සිට 2021 වසර දක්වා වසර දෙකක කාලයක් පැවැති ටෙස්ට් ශූරතාවලියට එක් වූ රටවල් සංඛ්‍යාව 9ක්.

පළමු ටෙස්ට් ශූරතාවලිය පසුගියදා අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි වුණේ 7 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාව තරගාවලි 6කට ක්‍රීඩා කර තරග 2ක් පමණක් ජය ගත් අතර, පරාජය වූ තරග සංඛ්‍යාව 6ක්. තරග 4ක් ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.

පළමු ටෙස්ට් ශූරතාවලියේ දී වැඩිම තරග සංඛ්‍යාවක් ජය පරාජයෙන් තොරව නිමා කර ගත් රට වූයේ ද ශ්‍රී ලංකාවයි.

මෙම තරගාවලියට ක්‍රීඩා කළ කණ්ඩායම් 9 අතරින් වඩාත් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ලෝක ටෙස්ට් ශූරතා කණ්ඩායම ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් අද නම් කරනු ලැබුවා.

ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතළත් වීම විශේෂත්වයක්.

නවසීලන්ත ක්‍රීඩකයින් 3ක්, ඉන්දීය ක්‍රීඩකයින් 3ක්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3ක් සහ එංගලන්ත ක්‍රීඩකයෙකු ද මෙම කණ්ඩායමට ඇතුළත්.

එම කණ්ඩායම පහතින් –

WTC team of the tournament:

රෝහිට් ෂර්මා – Tests: 12, Runs: 1094, Ave: 60.77

දිමුත් කරුණාරත්න – Tests: 10, Runs: 999, Ave: 55.50

මර්නස් ලබුෂේන් – Tests: 13, Runs: 1675, Ave: 72.82

කේන් විලියම්සන් (c) – Tests: 10, Runs: 918, Ave: 61.20

ස්ටීවන් ස්මිත් – Tests: 13, Runs: 1341, Ave: 63.85

බෙන් ස්ටොක්ස් – Tests: 17, Runs: 1334, Ave: 56.00

රිෂාබ් පාන්ට් – Tests: 12, Runs: 707, Ave: 39.27

ආර්. අශ්වින් – Tests: 14, Wickets: 71, Bowl Ave: 20.33

කයිල් ජමිසන් – Tests: 7, Wickets: 43, Bowl Ave: 12.53

පැට් කමින්ස් – Tests: 14, Wickets: 70, Average: 21.02

ටිම් සවුති – Tests: 11, Wickets: 56, Average: 20.82

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...