LPL කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය අවලංගු කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට, 2024 වසර දක්වා එල්.පී.එල් තරගාවලියේ අයිතිය හිමි IPG සමාගම කටයුතු කර තිබෙනවා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බව සදහන්.

හිමිකාරිත්වයන් අවලංගු වූ කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් මිලදී ගැනීම සඳහා පාර්ශව රැසක් ඉදිරිපත්වූ බව IPG සමාගම සදහන් කළා.

එහි කටයුතු අවසන් අදියරේ මේ වන විට පවතින බව ද සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව එම තරගාවලිය සදහා අදාළ කණ්ඩායම් දෙක නව හිමිකාරීත්වයක් යටතේ, නව නාමයන් ද සහිතව තරග කරනු ඇති.

මීට පෙර කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි විසින් ද දරනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...