රංගනගේ පත් වීම බංග්ලාදේශය තහවුරු කරයි

Date:

බංග්ලාදේශයේ දග පන්දු උපදේශක ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත් කර තිබෙනවා.

එමෙන්ම පිතිකරණ උපදේශක ලෙස දකුණු අප්‍රිකාවේ ඈෂ්වෙල් ප්‍රින්ස් පත් කළ බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියේදී සිම්බාබ්වේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන අතර, ඒ අනුව රංගන හේරත් සිම්බාබ්වේ දේශයේ දී බංග්ලාදේශ පුහුණු කාර්යය මණ්ඩලය සමග එක් වීමට නියමිතයි.

ඔහු බංග්ලාදේශ දග පන්දු උපදේශක ලෙස එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරු කටයුතු කරනු ඇති.

ඈෂ්වෙල් ප්‍රින්ස් එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය සදහායි පිතිකරණ උපදේශක ලෙස පත් කර ඇත්තේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම වමත් දග පන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ටෙස්ට් පිටියේ දී බිද හෙලා තිබූ කඩුලු ගණන 433ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...