LPL තරගාවලිය නැරඹූ ලොව පුරා ප්‍රේක්ෂකයින් ප්‍රමාණය නිවේදනය කෙරේ

Date:

2020 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා මිලියන 557ක ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එල්.පී.එල් තරගාවලියේ පළමු අදියර වූ 2020 තරගාවලිය Sky Sports, Sony Sports Network, Geo, PTV and Willow TV යන රූපවාහිනී නාලිකා ඔස්සේ  ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය යන රටවල් සදහා සජීවීව විකාශය කරනු ලැබුවා.

ඒ අනුව එය රූපවාහිනිය ඔස්සේ නරඹා ඇති ප්‍රේක්ෂක පිරිස මිලියන 155ක්.

සමාජ මාධ්‍ය ඔස්සේ තරගාවලිය නරඹා ඇති පිරිස මිලියන 218ක් බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මුද්‍රිත හා ඔන්ලයින් මාධ්‍ය (online media) හරහා තරගාවලිය සමග එක් වූ පාඨක පිරිස මිලියන 184ක් වන බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (දෙවැනි අදියර) ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...