ශ්‍රී ලංකා – එංගලන්ත පළමු T20 තරගයට කාන්තා විනිසුරුවරියක්

Date:

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද(23) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන විනිසුරු මඩුල්ලට කාන්තා විනිසුරුවරියක් වන Sue Redfern නම් කර තිබෙනවා.

ඇය තරගයේ සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව එංගලන්ත පිරිමි කණ්ඩායම සිය රටේ දී ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයකදී විනිසුරු රාජකාරියේ නිරත වන පළමු කාන්තාව ලෙසයි ඇය ඉතිහාසගත වන්නේ.

මෙම තරගයේ සිව්වැනි විනිසුරු ලෙස Alex Wharf මීට පෙර නම් කර තිබූ නමුත්, ඔහුට ඒ සදහා එක්වීමට අවස්ථාව නොලැබී ඇත්තේ අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගය 6 වැනි දිනය සදහාත් අද පැවැත්වීමට සිදුව තිබීම හේතුවෙන්.

එම අවසන් තරගයේ සිව්වන විනිසුරු වන්නේ Alex Wharf.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...