විනිසුරු විරෝධය නිසා පෙෂාවර් කණ්ඩායම පන්දු රකින්නන් 10 දෙනෙකුට අඩු වෙයි

Date:

පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට පෙෂාවර් සල්මි කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Eliminator 2) ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් යුනයිටඩ් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේ හසන් අලී පන්දු 16කින් රැස් කළ ලකුණු 45න් (6×3, 4×5) හා කොලින් මුන්රෝ රැස් කළ ලකුණු 44(29)න් සවිමත් වෙමින්.

පන්දු යැවීමේ දි වහබ් රියාස් සහ උමයිද් අසීෆ් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පෙෂාවර් කණ්ඩායම පන්දුවාර 16.5ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

හස්රටුල්ලාහ් සසායි ලකුණු 66(44)ක් හා ජොනතන් වෙල්ස් නොදැවී ලකුණු 55ක් ලබා ගත්තා.

ඒ අනුව හෙට(24) පැවැත්වෙන අවසන් තරගයේ දී ඔවුන් මුල්ටාන් සුල්ටාන් කණ්ඩායමට එරෙහිව තරග කිරීමට නියමිතයි.

මෙම තරගය අතරතුර දී පෙෂාවර් කණ්ඩායමට පන්දු රකින්නන් 10 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමට එක් අවස්ථාවක සිදු වීම විශේෂත්වයක්.

ඒ, ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ඉර්ෆාන්ට පිටියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙන්.

එහිදී සල්මි කණ්ඩායම විසින් හෙයිදර් අලී පන්දු රැකීම සදහා යොමු කළ නමුත්, විනිසුරුවන් විසින් ඔහුව පිටියෙන් ඉවත් කරනු ලැබුවා.

යුනයිටඩ් කණ්ඩායමේ 11 වන පන්දුවාරයේ දී සිය අවසන් පන්දුවාරය යොමු කළ ඉර්ෆාන් එම පන්දුවාරය අතරතුර දී යි ආබාධයට ගොදුරු වුණේ.

අනතුරුව 12 වන පන්දුවාරයේ දී ඔහු මූලික ප්‍රතිකාර සදහා හතරේ සීමාවෙන් පිටතට ගිය අතර, පසුව ඔහු වෙනුවට හෙයිදර් අලී පන්දු රැකීමට යොමු කෙරුණා.

කෙසේ වෙතත්, 12 වන පන්දුවාරය නිමා වීමෙන් පසුව විනිසුරුවන් හෙයිදර් අලීට පන්දු රැකීමට අවසර ලබා දුන්නේ නැහැ.

ඒ හේතුවෙන් 14 වන සහ 15 වන පන්දුවාර ක්‍රියාත්මක කෙරුණේ පන්දු රකින්නන් 10 දෙනෙකු ක්‍රීඩාංගනයේ රැදී සිටියදීයි.

16 වන පන්දුවාරය ආරම්භයේ දී මොහොමඩ් ඉර්ෆාන් වෙනුවට Khalid Usman ට පන්දු රැකීම සදහා අවසර ලබා දීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

ඉර්ෆාන්ගේ ආබාධයේ අව්‍යාජ බව විනිසුරුවන්ට සහතික කර ගැනීමට අවශ්‍ය වූ බැවින් මෙම ගැටලු සහගත තත්ත්වය ඇති වූ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...