ලෝක ශූරයින් වීමට නවසීලන්තයට ලකුණු 139ක ඉලක්කයක්

Date:

ඉන්දියාව සහ නවසීලන්තය අතර සවුත්හැම්ටන්හි පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ 6 වන සහ අවසන් දිනය අදයි(23).

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 64ක් ලබා සිටි අතර, ඔවුන්ට අද දිනයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

රිෂාබ් පාන්ට් ලකුණු 41ක් සහ රෝහිට් ෂර්මා ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 4ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත්තා. කයිල් ජමිසන් බිද හෙලු කඩුලු ගණන 2ක්.

ඒ අනුව තරගය ජය ගනිමින් පළමු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරයින් ලෙස ඉතිහාසගත වීමට නවසීලන්තය දෙවැනි ඉනිමේ දී ලකුණු 139ක් ලබා ගත යුතුයි.

ඒ සදහා ඔවුන්ට පන්දුවාර 53ක් ඉතිරිව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...