ටෙස්ට් ලෝක ශූරතාවය නවසීලන්තයට

Date:

පළමු වරට සංවිධාන කෙරුණු අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශූරයින් ලෙස ඉතිහාසගත වීමට නවසීලන්තය අද(23) සමත් වුණා.

ඒ, ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ සවුත්හැම්ටන්හි පැවැති අවසන් මහා තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 139ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පසු කර ගියේ කඩුලු 2ක් දැවී සිටියදීයි.

නායක කේන් විලියම්සන් නොදැවී ලකුණු 52ක් සහ රෝස් ටේලර් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තා. ඩෙවෝන් කොන්වේ ලකුණු 19යි.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ 6 වන හා අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලකුණු 64ක් ලබා සිටි නමුත්, ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 170ක් පමණයි.

රිෂාබ් පාන්ට් ලකුණු 41ක් සහ රෝහිට් ෂර්මා ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 4ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් දවා ගත්තා. කයිල් ජමිසන් බිද හෙලු කඩුලු ගණන 2ක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 249ක් රැස් කළා.

ශූරතාවය දිනා ගත් නවසීලන්තයට ලෝක ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග හිමි වූ මූල්‍ය ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක්.(රුපියල් කෝටි 31ක්)

අනුශූරතාවය දිනා ගත් ඉන්දියාවට හිමිවූ මුදල අමෙරිකානු ඩොලර් 800,000ක්.

මෙය නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම කඩුලු රකින්නා ලෙස සැලකෙන බී.ජේ වොට්ලින් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර තරගය වීම ද විශේෂත්වයක්.

රටවල් 9ක් තරග වැදුණු 2019-2021 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ 7 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...